අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌

ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක්‌ ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.

බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය බිම තබා ඇති අයුරු හේ දුටුවේය. එම අසුනේ උස මහත මැදිවියේ කාන්තාවක්‌ වාඩිවී බුලත් විටක්‌ සපමින් සිටියාය

''මම ඔය සීට්‌ එක බුක්‌ කරලයි බැස්‌සෙ ඇයි මේ බෑග් එක බිම තිබ්බේ?'' තරුණයා මඳක්‌ කෝපයෙන් ඇසීය. ''බිම තිබ්බෙ මට වාඩි වෙන්න' කාන්තාව ගොරෝසු හඬකින් අවඥසහගතව කීවාය.

''සීට්‌ එක ගත්තට කමක්‌ නෑ. ඇයි මේ බෑග් එක බිම තිබ්බේ'' තරුණයා ඇසීය. ''බෑග් එක සීට්‌ එක උඩ තියෙද්දි වාඩි වෙන්න බැහැනෙ ඒකයි බිම තිබ්බේ.'' කාන්තාව පෙරට වඩා උස්‌ හඬින් කීවාය.

''මේ බෑග් එක බොහොම වටිනා එකක්‌'' තරුණයා එහි තිබූ දූවිලි තම ලේන්සුවෙන් පිස දමමින් කීවේය. ''කීයක්‌ විතර වටිනවද මහත්තයා?''
කාන්තාව උපහාසාත්මක ස්‌වරයෙන් ඇසුවාය.

''අට දාහකට වැඩියි. ගිය සතියෙ ගත්තෙ.'' හේ උජාරුවෙන් කීවේය.

''අයියෝ මහත්තයෝ අටදාහක බෑග් එක බිම තිබ්බම මොකද ලක්‍ෂ පනහක්‌ හැටක්‌ වටිනා මේ අලුත්ම බස්‌ එක තියෙන්නෙත් බිමනෙ ඕයි.'' ඕ මහා හඬින් කියද්දී මගීහු මහ හඬින් සිනාසුණහ. වැරැද්දක්‌ කරලත් තව එනවා නිවැරදි වෙන්න තරුණයා උස්‌ හඬින් කීවේය.

''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.'' කියමින් ඇය නැඟී සිටිද්දි තරුණයා තම බෑගයද ඔසවා ගෙන බසයෙන් බැස යන අයුරු දක්‌නට ලැබිණි.

Source
http://www.hotandfastnews.com/2015/04/blog-post_50.html

නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක්

දවසක් මචන්ලා ගෑනියෙක් පන කඩාගෙන දුවගෙන ආවලු සාස්තර කියන කපුවෙක් ගාවට ..
ගෑනි: අනේ කපු මහත්තයෝ මගේ මනුස්සයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා..දැන් මට රෑට රෑට මගේ මනුස්සයා හීනෙන් පේනවා..
කපුවා: ඉතින්
ගෑනි : ඉතින් හීනෙන් ඇවිත් මට කරදර කරනවා..ඉන්න කාලේ උපරිම පින් අතේ වැඩ කරා..මැරුනහමත් මම දන් පින් කම් කරා..පින් අතින් නම් අඩුවක් වෙන්න බෑ.ඒත් මේක හරිම කරදරයක් මම බය වෙලා හීනෙන් ඇහෙරෙනවා..
කපුවා; ඉතින්
ගෑනි :ඉතින් කියන්නේ මට මේ මනුස්සයා ගෙන්නලා අහලා බලලා කියන්නකෝ පින් වල මදි අඩු පාඩුවක් තියනවද කියලා
කපුවා:ම්ම්ම්ම්ම් ඕන් වර වර වර ඒස්වා කියලා හැල්ලක් කියලා ජප කරලා ඩයල් එක ගෙන්නුවා බූත ආත්මේ...
කපුවා:ම්ම්ම් ඕන් දැන් කැමති දෙයක් අහගෙන්න එකයි ඇත්තේ
ගෑනි: අනේ සුමනේ ඇයි අනේ ඔයා රෑට රෑට මට වද දෙන්නේ..ඔයාට පින් මදි ද?ඔයා කොච්චර පින් කරපු කෙනෙක්ද? ඔයාට මොනවද තියන අඩු පාඩු කියන්නකෝ..
සුමනයා: ලතෝ මට කිසිම අඩු පාඩුවක් නෑ මම ජොලියට පොඩි ෆුන් එකටත් එක්ක බන් රෑට රෑට උබට මැවිලා පේන්නේ..කෑම වලින් කිසිම අඩුවක් නෑ.උදේ ඇහුරුන වෙලාවේ ඉදන් හවස් වෙනකම්ම කන්න තියනවා මට කිසිම අඩුවක් නෑතුව උබ බය නොවී ඉදපන්..
ගෑනී: අම්මපා ඒක තමයි මාත් කල්පනා කරා..අඩුවක් වෙන්නේ කොහෙද දිවිය ලෝකේ කියලා..
සුමනයා:රෙද්දක් කතා කරනවා මොන දිවිය ලෝකෙද බොල මම මේ නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක් වෙලා උදේ ඉදන් රෑ වෙනකන් තණ කොල කා කා ගෑනියේ ඉන්නේ.

මේකා මහ පුදුම මෝඩයෙක්නේ

ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය.

දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය.

එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ප‍්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට බැරිය.

‘‘මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර එන්න. මං කාමරයේ ජනේලය ඇරල තියන්නම්.’’ ඇය ආදරයේ නාමයෙන් ඉල්ලා සිටියාය. එය ප‍්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකිවිය.

අවුරුද්දට පසුදින රාති‍්‍ර ඔහු ඇයගේ නිවස සොයා පියමැන්නේය. එවිට වේලාව රාති‍්‍ර දහය පසු වී තිබිණි. එක අතක චොකලට් පාර්සලයකි. අනෙක් අතේ ජංගම දුරකතනය විය. ජංගම දුරකතනය මඟින් දෙන මං සලකුණු ඔස්සේ ඔහු ඉදිරියටම ගියේය. මේ වනවිට ප‍්‍රධාන මාර්ගය සිට මීටර් පන්සීයකට වඩා දුරක් ගම ඇතුළට ගොස් සිටියේය.

ඇය දුන් මං සළකුණු ඔස්සේ ඇයගේ නිවසයයි සිතිය හැකි නිවසක් අසළට ඔහු පැමිණියත් එම නිවසේ කියූ පරිදි ජනේලයක් විවෘත කර තිබුණේ නැත.
ඔහුගේ හැසිරීම පිළිබඳ සෙවිල්ලෙන් සිටි අසල්වැසියෝ පිරිසක් වැඩි වේලාවක් යාමට පෙර ඔහු අල්ලාගෙන ප‍්‍රශ්න කරන්නට වූහ.

තමා එම තරුණියගේ පෙම්වතා බවත් ඇය හමුවීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය.

එහෙත් අසල්වැසියන් එම නිවසට ගොස් ඔහු පෙන්වා සිද්ධිය පැවසූ විට නිවැසියෝ අන්ද මන්ද වූහ. තරුණිය කැඳවා ඔහු හඳුනනවා දැයි විමසූ විට ඇය කිවේ තමා කිසි දිනයක ඔහු දැක නැති බවය.

ඔහු අත තිබූ චොකලට් පාර්සලය සීසීකඩ ගියේය. එවිට වේලාව මධ්‍යම රාති‍්‍රයට ද ආසන්න වී තිබූ නිසා පොලිස් ජීප් රථයක් පැමිණ ඔහුට ප‍්‍රවාහන පහසුකම් සැලසුවේය.

සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා

දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා සැඟවුණු අමුත්තා උත්සව භූමියේ ගැවසුණේ කෙටි කාලයකි. උත්සව භූමියට වැඩි ඈතකින් නොපිහිටි නිවෙසට වරින් වර යාම ඒම ඒ නිසාම සැඟවුණු අමුත්තා සිදු කළේය. එසේ නිවසට ගිය විට ඔහු මධුවිත ටිකක රස බැලීමටද අමතක නොකළේය. අවස්ථා කිහිපයකදී එසේ ක‍්‍රියා කිරීම නිසා සැඟවුණු අමුත්තා සවස දෙක පමණවත්ම බමන මතින් සිටිනු දක්නට ලැබිණි. උදය වරුවේ වැඩි වේලාවක් උත්සව භූමියේ නොසිටි සැඟවුණු අමුත්තා පසුව වෙරිමතින් සිටීම නිසා සැඟව සිටීම අමතක විය. මේ අතර සැඟවුණු අමුත්තාගේ හොඳම මිතුරෙක් ඔහුගේ නිවෙසට නෑගම් ආවේය. වසර ගණනකින් නොදුටු මිතුරා නිවසේ නොසිටි බැවින් මිතුරා උත්සව භූමියට පැමිණියේය. එම ගම් ප‍්‍රදේශය නුහුරු මිතුරා කාර්යාලයට ගොස් මිතුරාගේ නම පවසා ඔහු විමසීය. එහි සිටි ගැහැණු ළමයකු උත්සව භූමියේ කෙළවරක ගසක් මුල ඉඳගෙන සිටි පුද්ගලයා පෙන්වීය. මිතුරා ළඟට ගිය පිටතින් පැමිණි මිතුරා පිටට තට්ටුවක් දමා මේ ඉන්නෙ සැඟවුණු අමුත්තා යැයි විහිළුවක් කළේය. බමන මතින් සිටි සැඟවුණු අමුත්තා සිය මිතුරා අතින් ඇදගෙන කාර්යාලය දෙසට ගොස් මයික් එක අතට ගෙන උදේ පටන් බොහෝ දෙනා සෙවූ සැඟවුණු අමුත්තා තමන් බවත් එම තරඟයේ ජයග‍්‍රාහකයා විජේසිරි මහතා බවත් පැවැසීය. අවුරුදු උත්සවයේ තරඟ ලියාපදිංචි කිරීමේ නිලධාරිනිය වහා ප‍්‍රධාන සංවිධායකවරයා වෙත ගොස් සැඟවුණු අමුත්තා තරගයෙන් දිනා ඇත්තේ ලියාපදිංචි නොවූ අයකු බව පැවැසුවාය. ඔහු වරක් සැඟවුණු අමුත්තා තරගයේ තරඟ කරුවන්ගේ ලේඛනය පිරික්සීය. සැඟවුණු අමුත්තා ලෙස නම් කර තිබුණු පුද්ගලයා සමඟ කතා කළ ප‍්‍රධාන සංවිධායකවරයා සැඟවුණු අමුත්තා තරගය අවලංගු කර තරග කරුවන්ගේ මුදල් ආපසු ගෙවීය.

Sinhala Proposal


ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි

මහ මුදලිගේ වත්තේ පොල් හොරකමක් වෙනවලු.
මේක නවත්තන්න මහමුදලි ගමේ මිනිස්සුන්ට කිව්වලු.
මුරකාරයෝ දැම්මලු එ්ත් හරි ගියේ නැහැල්ලු.
මේ පොල් හොරකම් කරන්නේ ගමේ ගැහැණුලු.
ඉතින් බැරිතැන කාන්තාවෝ පොල් හොරකම් කරන්න
ආපු වෙලාවේ ඇගේ නූල් පොටක්වත් නැතුව මහ මුදලි වත්තේ අැවිදිනවලු .
ගෑණු පන එපා කියල දිව්වලු ආයේ පළාතේ අාවේ නැහැල්ලු.
ඉතින් මහමුදලි කියලත් අහපු නැති වැඩේ ලැජ්ජා නැතිකම හින්දා නවැතුනාලු.
ඊට පස්සෙලු ඔය ''ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි'' කියන්නේ

පට්ට කතා ටික


පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~

සැමියා බිරිඳගේ ටෝමියාය

දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට
බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්

මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?
"ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"

~KISSING~
In America :මාව තදීන් සිපගන්න
In France : මාව සෙමින් සිපගන්න
In Sri Lanka : ඉක්මනට දෙන්න කවුරුත් දැක්කොත් වසලා හමාරයි

සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න

මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ )

කෙල්ල: මට මුළු ලොවම ඔබයි!
කොල්ලා: තමුසෙට ලොවම ඔබනකන් ඉන්න පුළුවන්, අපි අල්ලපුවම තමා කිචි

විවාහයට හේතුව - තේරුම් නොගැනීම
දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම

අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට
අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ

ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා
ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට

මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක

බත් කන්න බැරිනම් ඔය කම්පියුටර් එක උයාගෙන කාපිය - අම්මා

කමල්: පත්තරේ දාන දැන්වීම් වලින් වැඩක් තියෙනවද අයිසේ?
නිමල්:අපි ගිය ඉරිදා මුරකාරයෙක් ඉල්ලලා දැන්වීමක් දැම්මා,පහුවදාම කඩේට හොරු පැනලා ඕයි

අස්ථිරවූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක

අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,
මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!

මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්,
හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ!

අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!)

අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්

~කාලය පඩයකි ගියොත් ගියාමය~.

~අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා~.

~සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~

මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව

වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්‍ය කතා කිරීම මැනවි

~ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~

සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්!


මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි
"අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.."
මගේ ගෑනියි ළමයි දෙන්නයි

මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා

මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද?
"සල්ලි තියෙන මිනිස්සු"

whatz up - මොනවද උඩ
cool man - සීතලයි මිනිහෝ
are u nuts? - ඔයා ඇටද?
rock the party - පාටිය ගල් කරමු
keep in touch - අල්ලන් හිටපන්

හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා,
අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ...

බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි?
සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ

මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන

කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර !

"පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා "

හිරුනම් ? අව්ව තමයි

කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම

මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් ,
කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ?

වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි

බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්

දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි

0-5 මල් වයස 5-10 මල් තියා වැඳීම
10-15 මල් සෙවීම 15-20 හොරෙන් මල් කැඩීම
20-25 එළිපිට කැඩීම 25-30 මල් තැලීම
30-35 මල් හැදීම 35-40 මල පැනීම

විවාහය අමු අඹයකි,
කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි
ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි...

Taken Form Elakiri Joke Thread.
Junior Member

ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ





1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි. මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි..

එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

"වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."
" මටනම් පෙන්නේ හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"
 
Source: Elakiri.com 

අනංමනං

අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම

•පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ...

•තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය

•ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු

•තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය

•ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? සත පනහ

•ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? හතර මහ නිධානය

•ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්රපටය කුමක්ද? කඩවුනු පොරොන්දුව

•රෝහලකදී පලදෙන කර්මය කුමක්ද? ශල්යකර්මය

•බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද? මනිපිට්ටු

•ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද? ගම් භාර නිළධාරියා

•ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද? පළා පොළඟා

•මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද? ගරා යකා

•ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද? සීබ්රා (Black & White)

•ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද? පෙම්බස්

•ඉතා කුඩා බර ප්රමාණ මැනීම සඳහා ශ්රී ලංකාවේභාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව

•රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ? ඔට්ට පාලු

•ක්රිකට ක්රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්යය කුමකද? කඩුල්ල

•අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා

•මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද? මුහුදු අශ්වයා

•මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද? මින්දද

•ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද? නයිජීරියාව

•මැර බලය උපයෝගී කරගෙන ජයග්රහණය කල හැකි ක්රීඩාව කුමක්ද? මැරතන්

•තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද? ලියකියවිලි

•නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද? පැණි කුරුල්ලා

දොස්තරවරු හතර දෙනා


ශල්ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල.

පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ

දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා

තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ

දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්.

බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න

දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල.

බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පු*යි මාරු කරා කියල අවුලකුත් නෑ