නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක්

1 comment
දවසක් මචන්ලා ගෑනියෙක් පන කඩාගෙන දුවගෙන ආවලු සාස්තර කියන කපුවෙක් ගාවට ..
ගෑනි: අනේ කපු මහත්තයෝ මගේ මනුස්සයා මැරිලා දැන් මාසයක් විතර වෙනවා..දැන් මට රෑට රෑට මගේ මනුස්සයා හීනෙන් පේනවා..
කපුවා: ඉතින්
ගෑනි : ඉතින් හීනෙන් ඇවිත් මට කරදර කරනවා..ඉන්න කාලේ උපරිම පින් අතේ වැඩ කරා..මැරුනහමත් මම දන් පින් කම් කරා..පින් අතින් නම් අඩුවක් වෙන්න බෑ.ඒත් මේක හරිම කරදරයක් මම බය වෙලා හීනෙන් ඇහෙරෙනවා..
කපුවා; ඉතින්
ගෑනි :ඉතින් කියන්නේ මට මේ මනුස්සයා ගෙන්නලා අහලා බලලා කියන්නකෝ පින් වල මදි අඩු පාඩුවක් තියනවද කියලා
කපුවා:ම්ම්ම්ම්ම් ඕන් වර වර වර ඒස්වා කියලා හැල්ලක් කියලා ජප කරලා ඩයල් එක ගෙන්නුවා බූත ආත්මේ...
කපුවා:ම්ම්ම් ඕන් දැන් කැමති දෙයක් අහගෙන්න එකයි ඇත්තේ
ගෑනි: අනේ සුමනේ ඇයි අනේ ඔයා රෑට රෑට මට වද දෙන්නේ..ඔයාට පින් මදි ද?ඔයා කොච්චර පින් කරපු කෙනෙක්ද? ඔයාට මොනවද තියන අඩු පාඩු කියන්නකෝ..
සුමනයා: ලතෝ මට කිසිම අඩු පාඩුවක් නෑ මම ජොලියට පොඩි ෆුන් එකටත් එක්ක බන් රෑට රෑට උබට මැවිලා පේන්නේ..කෑම වලින් කිසිම අඩුවක් නෑ.උදේ ඇහුරුන වෙලාවේ ඉදන් හවස් වෙනකම්ම කන්න තියනවා මට කිසිම අඩුවක් නෑතුව උබ බය නොවී ඉදපන්..
ගෑනී: අම්මපා ඒක තමයි මාත් කල්පනා කරා..අඩුවක් වෙන්නේ කොහෙද දිවිය ලෝකේ කියලා..
සුමනයා:රෙද්දක් කතා කරනවා මොන දිවිය ලෝකෙද බොල මම මේ නිව්සීලන්ඩ් වල පට්ටි ගොනෙක් වෙලා උදේ ඉදන් රෑ වෙනකන් තණ කොල කා කා ගෑනියේ ඉන්නේ.

1 comments:

Blogger said...

Water Hack Burns 2 lb of Fat OVERNIGHT

At least 160,000 women and men are losing weight with a simple and SECRET "liquids hack" to burn 2 lbs each night as they sleep.

It's effective and it works on anybody.

Here's how to do it yourself:

1) Go grab a clear glass and fill it up with water half glass

2) Proceed to do this weight losing HACK

you'll become 2 lbs thinner as soon as tomorrow!