මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.
“කොළඹ කප්පං ගන්න ලොකු චණ්ඩියෙකුට මම හොඳ පාඩමක් ඉගැන්නුවා.”
“මොනවා? උඹ මිනිහට ගැහැව්වද?” නෝන්ජලයකු වූ මනෝජ් ගේ කතාව අදහනු බැරි මිතුරකු වහා ඇසීය.
“නෑ... මං කෝච්චියෙන් බැහැලා කොළඹ කොටුවේ ලොකු තට්ටු බිල්ඩිමක් දිහා පුදුමයෙන් බලා හිටියා. කොහෙන්දෝ එතනට කඩා පාත් වුණු කප්පං කාරයෙක් මගෙ පිටට රිදෙන්ඩ තට්ටුවක් දාලා සැරෙන් මෙහෙම කිව්වා.”
“දොරේ තමුසෙ මෙහාට කෝඩු කාරයෙක් කියල ඔය සෝමාරි මූණ බැලුව ගමන් මට කිව්වැකි. තමුසෙට මේ බිල්ඩිම දිහා නිකං බලන් ඉන්ඩ බෑ. තමුසෙ බලන තට්ටුවට මට රුපියල ගානෙ ගෙවන්ඩ ඕනෙ.”
“දැන් තමුසෙ බලා හිටියේ මොන තට්ටුව දිහා ද?”
මිනිහා තදින් ඇහැව්වා. මම කිව්වා මම බලා හිටියේ දෙවැනි තට්ටුව දිහා කියල.
“එහෙමනං මෙහාට ගන්නවා රුපියල් දෙකක් කියලා, මිනිහා මගෙන් රුපියල් 2 ක් ඩැහැගෙන යන්ඩ ගියා.”
“ඉතිං කොහොමද බං උඹ මිනිහට පාඩමක් ඉගැන්නුවයි කියල කියන්නෙ?” මිතුරා සාවඥ ලෙස ඇසීය.
“මොකද නැත්තෙ? මං බලා හිටියේ අටවැනි තට්ටුව දිහා නෙ.” මනෝජ් විරිත්තමින් කීවේය.
from elakiri.com
0 comments:
Post a Comment