දිව්‍ය ලෝකය
පියසේන සාලයේ සැටියක වාඩි වී පුවත්පතක් කියවමින් සිටියේය.
පියසේන ගේ පුත් මනෝජ් සිටියේ සාලයේ වාඩිවී සෙල්ලම් කරමිනි.
හදිසියේ හිස ඔසවා තම පියා දෙස බැලූ මනෝජ් මෙසේ ඇසීය.
තාත්තෙ දිව්‍ය ලෝකෙ මිනිස්සු කසාද බඳිනවද?
පියසේන පුවත්පතින් දෙනෙත් මෑත්කොට පුතා දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.
අපොයි නෑ පුතා.ඒකනෙ එහාට දිව්‍යලෝකෙ කියන්නෙ.
එයා මගෙ ලෙඩෙක්
එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය.
දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.
ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.
අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.
ආවෙ නැත්තං මැරෙනවා...?
තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව?
දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.
එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.
ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.
No comments:
Post a Comment