ස්කූල් වැන් එක



දවසක් ස්කූල් වැන් එක එන්න ටිකක් පරක්කු උනා. ආපු ගමන් කොල්ල බැස්ස විතරයි ආච්චි ගිහින් ඩ්රයිවර්ට කිව්වා "මොනවද කොල්ලෝ මෙච්චර වෙලා කරේ. අපි මේ ඇඟේ ලේ නැතුව හිටියේ."
එතකොට ඩ්රයිවර් කිව්වා "අයියෝ ආච්චි අද මාර ට්රැෆික් නේ. ඉස්සෙල්ලම ලුම්බිණියට ගියා. එතන වාහන ගොඩයි. ඊට පස්සේ ඉසිපතනෙට යන්න පැයක් විතර ගියා. ඊට පස්සේ නාලන්දෙට යද්දී තව පැය එක හමාරක් විතර. ඉතින් කොහොමද ආච්චි ඉක්මනට එන්නේ."
ඔන්න ආච්චි කියනවලු "අනේ සාදු සාදු මම දැනගෙන හිටියේ නැහැනේ උඹ අද කොල්ලව දඹදිව එක්ක යනවා කියල. මොනවා උනත් මටත් එන්න තිබ්බ උඹලත් එක්ක දැනගෙන හිටියනම්."

කැළනියේදි දුම්රියේ



සීග්රගාමී දුම්රියට නැගපු තරුණයෙක් රියදුරාට කිව්වලු "මම බහින්නෙ කැළණියෙන් " කියල. රියදුරා කිව්වලු "බොහොම කනගාටුයි මල්ලි, අපි කැළණියෙ නවත්තන්නෙ නෑ .. හැබැයි මට පොඩි උදව්වක් කරන්න පුලුවන් "

තරුනය ඇහුවලු " මොකක්ද ?" කියල.

රියදුරා කිව්වලු "මම කැළණියෙදි දුම්රියේ වේගය අඩු කරන්නම්. ඔයා දුම්රියෙන් පනින්න. හැබැයි පැනල දුම්රිය යන පැත්තටම දුවන් යන්න ඕනෙ, නැත්නම් ඔයාව වැටෙන්න පුලුවන්" කියල.

තරුණය මේකට බොහොම කැමති වුනාලු.

පොරොන්දු පරිදිම කැළනියේදි දුම්රියේ වේගය බාල කලාලු, තරුණය දුම්රියෙන් පැනල ටික දුරක් දුම්රිය සමග සමාන්තරව ඉදිරියට දුවගෙන ගියාලු සමබරතාවය තියා ගන්න.

මේක දැකපු පිටිපස්සෙ පෙට්ටියෙ හිටපු මනුස්සයෙක් දුම්රිය සමග සමාන්තරව දුවමින් හිටපු තරුනයගෙ කරෙන් අල්ලල , දුම්රියේ දොරෙන් දුම්රිය ඇතුලට ඇදල ගත්ත ලු.


ඊටපස්සෙ මනුස්සය අර තරුණයට කිව්වලු " මල්ලි හරි වාසනාවන්තයි, වෙනදට මේ දුම්රිය කැළණියෙ නවත්වන්නෙ නෑ " කියල.

බයකරන්න...

උඹල මෙක විශ්වස කරයිද දන්නෙ නෑ.


අපේ ගෙවල් ගාව ඉන්නවා විස්‍රාම ගිය ප්‍රින්සිපල් කෙනෙක්,
දවසක් අපි දෙන්න ගියා පොඩි පාටි 1කට
බොසා හොන්දටම බිව්වා.
බිව්වහම පොර මාර ඈනයක්
බීල ඉවර වෙලා මෙකා කියපි බයික් 1 එලවන්න ඔනෙ කියල
මට දෙලෝ රත් උනා, මොකද බීලා බයික් එලවලා මාට්ටු උනොත් කපෝතිනෙ.
පුලුවන් විදිහට කිව්වා, එත් ඈහුවෙ නෑ, බෑරිම තෑන බයික් 1 යතුර දිල, දේයියන් බුදුන් සිහිකරගෙන මම පිටිපස්සෙන් වාඩිඋනා........ (මේකා ගාව කිසිම document 1k නෑ )

දෙයියනේ කියලා 5 kmවිතර යද්දි පොලොසියෙ මහත්තුරු 2න්නෙක් පාරට පෑනල අතදාපි....
සර් වෑඩ්ඩා වගේ ගියා එතෙන්ට,,,,,,,
මමත් රාත්ත්‍රිය පොලිසියෙ ගත කරන හෑටි මතක් කරමින් සර්ගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර සර්ගෙ පස්සෙන් ගියා....

පොලිස් - මහත්තයලා මේ රෑ කොහෙද ගියෙ?
සර් - අනේ සර් අපේ කලපෙ හු**ගෙ ප්‍රින්සිපල්ලා මට එන්න කියලා අරක්කු පෙව්වනෙ
පොලිස් - මහත්තයා කව්ද?
සර් - මම ...... ඉස්කොලේ හිටපු ප්‍රින්සිපල් නෙ
පොලිස් - සර් කෙනෙක් ඔහොම හෑසිරෙනවද? ගන්නවා බලන්න ලයිසන් 1?
සර් - ලයිසන් 1 නෑනෙ..... (සර් දෙකට නෑමිල උත්තර දෙනවා)
පොලිස් - ගන්නවා බලන්න අයිඩින්ටි කාඩ් 1?
සර් - අයිඩින්ටි කාඩ් 1ත් නෑනෙ...... (ආයෙත් දෙකට නෑමිලා )
පොලිස් - ඔයගේ ලයිසන් 1ත් නෑ, අයිඩින්ටි කාඩ් 1ත් නෑ, අරක්කුත් බීලා, තමුසෙට අපි මොකඩ කරන්න ඔනෙ.....
සර් - (මේ පර 4ට විතර නෑමිලා පොලිස් කාරයාගෙ කනට කරලා කියපි ) ඔන්න ඔහෙ අපිව ටිකක් බයකරලා යවන්න ....



(සිරාවටම අපිව ගෙදර එව්වා බය කරන්නෙත් නෑතුවම)
 
Taken form Elekiri Joke Tread
http://www.elakiri.com/forum/showthread.php?t=1337412 

giriraj with priyantha comedy stage drama


A/L Physics


Royalist of the Year


Gajaman Cartoon - Maraya


Story of Sri Lankan Teen (Comedy)


Sinhala funny image for Iradata Palliye Song.


Intelligence of Sri Lankan President